Local

කොළඹ ජාතික රෝහලේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවලට එක් කරයි

Friday, 19 April 2024 - 7:58 am

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කළ අතිනවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan) යන්ත්‍රය ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් (11) සිදු කෙරිණ.

රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුත් මේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රයට මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇත.

මේ 128-Slice CT Scan යන්ත්‍රය මඟින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරැදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමඟින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයයි. රෝගියාගේ අපහසුතාවන් සහ විකිරණ නිරාවරණය අවම කරන අතර ඉහළ මට්ටමේ රෝග විනිශ්චය නිරවද්‍යතාවක් සහ කාර්යක්ෂමතාවක් ද මේ අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රයෙන් ලබාදෙයි.

රිය අනතුරු, පහරදීම්, වැටීම් නිසා මොළයට හා සුෂුම්නාවට හානි සිදු වූ රෝගීන්ට, මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදු වන ලේ ගැලීම් සඳහා සැත්කම් කළ යුතු රෝගීන්ට, රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ සිදු වන මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවැත්වීමේ සැත්කම් සිදු කළ යුතු රෝගීන්ට සහ මොළය හා සුෂුම්නාව සම්බන්ධ සැත්කම්වලට යොමු කළ යුතු රෝගීන්ගේ සැත්කමට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වාර්තා ලබා ගැනීමට මේ සීටී ස්කෑන් යන්ත්‍රය භාවිත කරයි.

ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10කින්, දැඩි සත්කාර ඒකක 10කින්, අධි නිරීක්ෂණ ඒකක 02කින් සමන්විත වන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාව 200කට අධිකය. අති නවීන වෛද්‍ය උපකරණවලින් මෙන්ම විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලවලින් මේ අංශය සමන්විතය.

මෙරට රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය මෙය වන අතර (Helipad) හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකම්වලින් ද මේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය සමන්විත වේ. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතියීක සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු  සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT