Local

අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක කරනවා - විපක්ෂනායක

Sunday, 11 August 2024 - 1:44 pm

අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) සමගි විහිදුම් බළගණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. අපි විවිධ ජාත්‍යන්තර ආයෝජන හරහා මෙරට ඇති අසාර්ථක ව්‍යාපෘතී සාර්ථක ව්‍යාපෘති බවට පත් කරන්න තමා මෙන්ම තමාගේ කණ්ඩායම සුදානම් බව විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියා. හම්බන්තොට සංවර්ධනයෙන් බබලන තත්ත්වයට පත්කරන බව ඔහු මෙහිදී කියා සිටියා. එමෙන්ම මගේ කණ්ඩායම තුළ සිටිනවානම් මැති ඇමැතිකම් වැනි තනතුරු කියන්නේ රෝස මල් යහනා බව කවුරුන් හෝ සිතා සිටින්නේනම්, ඒ අයට දැන්මම කියන්නේ ඒ දේ හිතින් අත්හැර ගන්න කියා විපක්ෂයනායක සජිත් මෙහිදී අවධාරණයෙන් කියා සිටියා. නායකයා වැඩ කරන ආකාරයට අන් අය ද මහන්සි වෙලා වැඩ කරන ලෙස ඔහු පවසා සිටියා. රාජ්‍ය පාලනය කියන්නේම දුෂ්කර වැඩක් බවත් අලසකමින් කම්මැලිභාවයෙන් තොරව වැඩ කරන්න සුදානම් වන්න යැයි සිය කණ්ඩායමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT