රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබෙනවා.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවයි සඳහන් වන්නේ.
මීට දින කිහිපයකට පෙර එම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තවත් සැකකරුවෙක් පොලීසියට භාරවී තිබුණා.