Local

විවෘත විශ්වවිද්‍යාලයේ නීති සිසුන් ජනපති හමුවෙයි

Wednesday, 07 August 2024 - 2:27 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේකෂක සිසුන් 280ක් පමණ ඊයේ (06) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අවස්ථාව සළසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව සිසුන් අතරට පැමිණි ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකට එක් විය.

ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව මෙහිදී විමසා බැලු ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය පිළිබඳ සිසුන් ඉදිරිපත් කළ ගැටලුවල‍ට ද පිළිතුරු ලබා දෙමින් ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට ද කටයුතු කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සිසුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති නීති උපදේශක බිම්බා තිලකරත්න, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT