දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව තිබූ අමාත්‍යංශය ලේකම්වරයෙකු හෙට සිට විශ්‍රාම යාමට තීරණය කර ඇත.
ඊට අදාළ ලිපි ලේඛන ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යොමු කර ඇත.
ඔහු මෙම වසරේ දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට තිබියදී නව ආණ්ඩුව විසින් අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස පත් කරන ලද අතර ගිය සතියේ වැඩ භාර ගත්තේය.
මෙම වසරේ දෙසැම්බර් 03 වැනිදා තමා විශ්‍රාම යාමට නියමිතව තිබුණද පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් හෙට (30) දින සිට විශ්‍රාම යන බව හෙතෙම සදහන් කර ඇත.
එහෙත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ ලේකම්වරයාට එරෙහිව චෝදනා ඇති බවට ඇතැම් පිරිස් පැමිණිලි කිරිම හේතුවෙන් ඔහු විශ්‍රාම යෑමට තීරණය කර ඇති බවයි.