Local

සෝල් බීච් කඩා ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Thursday, 04 April 2024 - 7:35 am

සෝල් බීච් හෝටලයේ හිමිකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (03) නියම කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත්දා දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි 'සෝල් බීච්' හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT