Local

කෙහෙළිය ගෝ ගම නමින් විරෝධය පෑ 05ක් අත්අඩංගුවට

Wednesday, 31 January 2024 - 7:24 pm

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට 'කෙහෙළිය ගෝ ගම' නමින් විරෝධතාවක නිරතවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස විරෝධය දැක්වීය.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ මහජන සංවිධාන එකමුතුව කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (31) සාමකාමී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් දෙවන වරටත් ප්‍රකාශ ලබාගන්නා ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම්දී තිබුණේ අද දිනය තුළ අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසය.

කෙසේවෙතත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද වෙනත් නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ සංකීර්ණයට  පැමිණ සිටි අවස්තාවේ මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

මේ අතර,කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට අද දිනයේ යෙදී තිබූ අත්‍යාවශ්‍යය රාජකාරි කටයුතු කිහිපයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළා.

ඒ අනුව ඊට වෙනත් දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද නිවේදනයේ සඳහන් ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාව ද අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

ඒ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව මින්පෙරද අතිරේක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබූ අතර අද ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේ දෙවැනි වරටය.

 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT