දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ.
නැගෙනහිර, ඌව,දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව, මාතලේසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.