Local

ඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා.. පත් කල ලේකම්ලා දුෂිතයන්..- ස්ටාලින්

Thursday, 26 September 2024 - 8:03 pm

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් පෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනදී ඇති බවයි.

නව ආණ්ඩුවේ ලේකම්වරු ලෙස පත් කර ඇති බොහෝ දෙනකු තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවද ඔහු කියා සිටියි.

“අලුත් ආණ්ඩුව මේ වෙනකොට අමාත්‍යාංශ පාලනය කරන්න ලේකම්වරු පත් කරලා තියෙනවා. මේ ලේකම්වරු පත් කිරීම ගැන ඇත්තටම අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන ලේකම්වරයාට විරුද්ධව චෝදනා තියනවා. ඔහු බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉන්නකොට ඔහුට තිබුණු චෝදනා සම්බන්ධයෙන් විගණන වාර්තා පවා තියෙනවා. එහෙම චෝදනා තියෙන කෙනක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට පත්වෙලා. ඔතන ඉන්න සමහර ලේකම්වරුන්ගේ අදක්ෂතාවන් අපි හොඳට දැකලා තියෙනවා. එහෙම අදක්ෂ අයම තමයි ආයෙත් පත් කරලා තියෙන්නේ. මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුව පැත්තෙන් ඒ පත්කිරීම්වලට හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගනියි කියලා.

ලංකා ගුරු සංගමය කවදාවත් පක්ෂයකට වෙන් වූ වෘත්තීය සමිතියක් නෙවෙයි. අපි ගුරු විදුහල්පති සන්ධානය විදිහට තමයි ලංකා ගුරුසේවා සංගමය සහ අනිත් සංගම් එක්ක එකට එකතුවෙලා මේ ගුරු අරගල කළේ. මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයක් විදිහටත් විශාල ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳනවට අමතරව ප්‍රධානම ගැටලුව තියෙන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ලබා දීම. බලයට පත් වුණු රජයේ වගකීම තමයි ඒ ඉල්ලීම ඉටු කිරීම. වත්මන් ආණ්ඩුව පත්වෙලා දවස් කීපයක් වෙන්න පුළුවන්. ඒත් තව මහ මැතිවරණයකුත් නොවැම්බර් මාසේ තියෙනවානේ. එතකොට එයාල කියයි ඡන්දෙ තියලා රට ස්ථාවර වුණාට පස්සේ පොරොන්දු ඉටු කරන්නම් කියලා. එහෙම කියලා කට වහගෙන ඉන්න අපිට නම් බැහැ.

අනුර කුමාර රජයටත් වගකීමක් තියෙනවා අපේ ගැටලු විසඳන්න. රට ස්ථාවර වෙනවත් එක්කම ඊට සමාන්තරව අපේ ගැටලුත් විසඳන්න ඕනේ. එහෙම නැතුව අරක වෙනකම් මේක වෙනකන් කියලා අපිට ඉන්න බැහැ. අපි බලමු එයාලා කොහොමද එයාලගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්නොත් අපි ආයෙත් පාරට බහිනවා”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT