Local

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

Sunday, 12 May 2024 - 8:20 am

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී ලොරි රථයක ගැටී (10) රාත්‍රී සිදුවූ අනතුරකින් එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි සන්ද්‍යා කුමාරි නමැති 44 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලැබූ අවුරුදු තුනක පමණ කුඩා ගැහැණු දරුවෙක් මහනුවර රෝහලට මාරුකර යැවූ බව දඹුල්ල මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසිය.

දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වී මෙම ඥාතීන් පිරිස හිරිවඩුන්න ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇති අතර හබරණ දෙසින් දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් කැබ් රථයේ ගමන් කළ සියලු දෙනාම තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පැවසීය.

මංගල සාදය තිබුණු හෝටලයේ සිට අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් හතරක් පමණ දුරකදී අනතුර සිදු වී තිබෙන බවත් කැබ් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධවානය මෙම අනතුරට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් සීගිරිය පොලිසියේ නිලධාරීහු පවසති.

මිය ගිය සන්ධ්‍යා කුමාරී පැය කිහිපයකට කලින් මංගල සාදයේදී තම හිතවත් සොයුරියන් සමග එක්ව සමූහ ඡායාරූපයකටද පෙනී සිට ඇති බව ඥාතීහු පවසයි.

අනතුරට පත් කැබ් රථය සහ ලොරි රථය මේ වන විට සීගිරිය පොලිසියට රැගෙන ගොස් තිබේ.

අනතුරට පත් බොහෝ දෙනෙකුගේ හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බව රෝහාල් ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද දඹුල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අනතුර සම්න්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT