Local

මඟුල ඉවරයි… දැන් මහේන්ද්‍රන් ගෙන්වන්න පුළුවන් – ඇමැති විජිත හේරත් කියයි

Wednesday, 02 October 2024 - 1:22 pm

රනිල්ගේ මුක්තියත් ඉවරයි ඔහුත් උසාවි ගේන්න පුළුවන්

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් දැනටමත් ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා ඊයේ (01දා) පැවැසීය.

ඒ අනුව අදාළ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කළ විජිත හේරත් අමාත්‍යවරයා කීවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව ද ගෙන්වා ගතහැකි වනු ඇති බවයි.

“අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මඟුල් ගෙදර කටයුතු දැන් ඉවර ඇති. ඒ නිසා ඉක්මනින් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් දැන් ජනාධිපතිවරයා නෙවෙයි. ඒ නිසා ඔහුට දැන් මුක්තිය නෑ. ඒ නඩුව ඇත්තටම ඉදිරියට ගියෙ නැත්තේ ව්‍යවස්ථාවෙ තියෙන මුක්තියේ බලය පාවිච්චි වෙලා. දැන් අපට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා. අපි ඉස්සරහට බලමු යැයි ද ඊයේ (01දා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා වාර්තාව සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව යනාදිය ද සැලකිල්ලට ගනිමින් බැඳුම්කර වංචාවට අදාළව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන බවත්, මේ වනවිට එහි මූලික පියවරයන් ආරම්භ කර ඇති බවත් මේ ගැන වැඩිදුරටත් කරුණු දක්වමින් විජිත හේරත් මහතා කියා සිටියේය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT