Local

වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණය ක්‍රමයක්

Saturday, 11 January 2025 - 7:11 pm

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපන ණය යෝජනා ක්‍රමයක් (pledge loan scheme) ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහි ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 25 කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති බවද සඳහන්.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමූපකාර සමිතියකට රුපියල් මිලියන 50 ක උපරිම ණය මුදලක්, 7% ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්.

 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT