Local

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

Tuesday, 03 June 2025 - 9:42 pm

ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) සඳහා නව ඒකකයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

2025 අයවැය කථාවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දෙන බවට කළ ප්‍රකාශය මෙම පියවරට පදනම් වී ඇති අතර, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට, විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම් වූ මෙම නව ඒකකය ස්ථාපිත කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමටද අනුමැතිය ලැබී තිබේ.

මෙම නව ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක්, එහි මූලික කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා තාවකාලික ඒකකයක් පිහිටුවීමටද තීරණය වී ඇති අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම තාවකාලික ඒකකය, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙන බව සඳහන්.

මෙම සමස්ත යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT