Local

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Thursday, 05 September 2024 - 8:05 pm

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්වනු ඇති බවට සමාජ ජාල ඔස්සේ පළ කරන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනතාව සමග මිස ජරාජීර්ණ දූෂිත හවුල් සමග එක්වීමට කිසිසේත්ම කටයුතු නොකරන බවද ඒ මහතා පැවසුවේය.

අද වන විට සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති බවත් ජනාධිපතිවරය හා ජාතික ජන බලවේගය එක්වී බොරු කටකතා හදමින් සමාජ ජාලාවලට මුදල් ගෙවා ප්‍රචාරය කරමින් සිටින බවත් ඔහු කියා සිටී.

සමගි ජන බලවේගය ප්‍රතිපත්තිගරුක දේශපාලන පක්ෂයක් වශයෙන් රට විනාශ කළ දේශපාලන කල්ලි සමග කිසිදු අවස්ථාවක එක්ව කටයුතු නොකරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණ ජනරැුලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT