Local

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා..

Wednesday, 18 September 2024 - 6:31 pm

2024 පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිමාලාවේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පැවැත්වුණි.

මෙම රැලිය සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් විසිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ පැවසීය.

දේශපාලන අත්දැකීම්,ජාත්‍යන්තර සබඳතා සැසඳීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ හැකි අයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයන් 39 දෙනා අතරම නැහැ. ජනාධිපතිතුමනි ඔබතුමාගේ ජයග්‍රහණය රටේ අනාගතය තීන්දු කරන තීරණාත්මක සාධකයක් වනවා නිසකයි. අනාගතයේ රට ගොඩගත හැකි නායකයා ඔබතුමායි.

ඒ විශ්වාසය අපිට තියෙනවා. රට වැටුණ වෙලාවෙ පොහොට්ටුවෙ අපි කල්පනා කලා මේ රට බාරගන්න සුදුසු කවුද කියලා. ඒ අනුව අපි තීරණය කලා මේ රට බාරගන්න සුදුසුම නායකයා ඔබතුමා කියලා.

කඩවත රැස්වීමේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල ඔබට ආරාධනා කලේ ඒ නිසයි. ඔබතුමා ඒ ආරාධනය පිලිගත්තා. තමන්ගෙ පක්ෂය අතෑරලා අපි හැමෝටම එකතු වෙන්න පුළුවන් දේශපාලන වේදිකාවක් හදන්න අකටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.

මම හැමදාම දේශපාලනය කලේ පියාගේ ප්‍රතිපත්ති එක්කයි. හැමදාමත් මම පක්ෂයට වඩා රට ගැන හිතපු කෙනෙක්. ඒ නිසා තමයි ඔබතුමා ජයග්‍රහණය කරවන්න අපි පෙරමුණ ගත්තේ.

පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගම්පහ දිස්ත්‍රීක්කයේ වැඩි ඡන්ද ලක්ෂ තුන හමාරකින් ජයගත්තා. අපි මේ පාර ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඔබතුමාව ඊටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවනවා.

ඔබට දේශපාලනයේ විශාල අත්දැකීම් තියෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතා අතිවිශාලයි. ඒ නිසා ඔබට සම කළ හැකි අපේක්ෂකයෙක් මේ අපේක්ෂකයන් 39 දෙනා අතරම නෑ. මේ ජනාධිපතිවරණයෙන් ඔබතුමා ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයක්. රට ගොඩගැනීමේ ඔබතුමාගේ වැඩපිලිවෙල වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට ගම්පහ අපි ඕනෑම මොහොතක සූදානම්. ඔබතුමාගේ ජයග්‍රහණයේ ගෞරවය මේ රැස්වීම් භූමියේ සිටින සියලුම දෙනාට උරුමයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT