Local

කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සූදානම්

Friday, 10 November 2023 - 6:05 pm

  • ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනපති පවසයි.

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් බවත්, පෞද්ගලික අංශයද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

ශ්‍රී ලංකාවේ කුරුදු කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සාරද ද සිල්වා සහ මහාචාර්ය ජයසිරි ලංකාගේ යන මහත්වරු වෙත සම්මාන පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සිහිවටන තිළිණක් පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ලෝකයේ ගුණාත්මකම කුළුබඩු තිබුණේ අපේ රටේයි. නමුත් පසුගිය අවුරුදු 30ක, 40ක කාලයේ දී කුළුබඩු කර්මාන්තය නොසලකා හැරීම හේතුවෙන් කුළුබඩු වලින් අපට ලැබෙන ආදායම අඩුවෙලා තිබෙනවා.

නමුත් දැන් එය වෙනස් විය යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සමඟ අප තරඟකාරී ආර්ථිකයක් සහ අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත් විය යුතුව තිබෙනවා. අපේ ණය ගෙවන්න නම් අපිට වැඩිපුර විදේශ විනිමය උපයා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපිට ගෙවුම් ශේෂයේ ධනාත්මක තත්ත්වයක් තිබෙන බව තහවුරු කිරීමට සිදු වෙනවා.

එසේනම් ආර්ථික ක්‍රියාකාරකම් වලදී තරගකාරී සහ විදේශ විනිමය ගෙනෙන අපනයන ආර්ථිකයක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. එහි ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස කුළුබඩු ක්ෂේත්‍රය හඳුනාගත හැකියි.

අතීතයේ දී මෙරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් රැඳී පැවතුනේ කුළුබඩු ක්ෂේත්‍රය මතයි. අප මෙහිදී පුළුල් වෙළෙඳපොළක් දෙස අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා රජය මේ වන විටත් මැදිහත් වී තිබෙනවා. අපි කුරුඳු සංවර්ධනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා.

ඒ වගේම ගම්මිරිස් අතීතයේ පටන් ගෙවත්තේ වගා කළ බෝගයක්. එවැනි තවත් බොහෝ කුළුබඩු වර්ග තිබෙනවා. අප මේවා වැඩිදියුණු කිරිමට ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළයුතුයි.

ඒ වගේම අපේ රටේ ඉතා ගුණාත්මක සහ රසවත් කෝපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපේ රටේ තිබෙන කෝකාවා, හොදම කොකෝවා වර්ගවලින් එකක් බව පිළිගැනෙනවා. මෙම වගාවන් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදිමට රජය සූදානම්. ඒ වගේම තව පෞද්ගලික ඉඩම් තිබෙනවා. මෙම ක්ෂේත්‍රය නඟා සිටුවිමට අපි සියලුදනා එකතුවෙලා කටයුතු කරමු.

එසේම නව තාක්ෂණය සමඟ එක්වෙමින් කෘෂී නවීකරණ වැඩපිළිවෙළ සඳහා ද අප කඩිනමින් යොමු විය යුතුයි. මෙහිදී අපට පෞද්ගලික අංශයේ සහාය අවශ්‍ය වෙනවා.කුළුබඩු ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කුළුබඩු කවුන්සිලයේ සිටින සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. ඊට අවශ්‍ය සහාය ලබාදීමට ඇමතිතුමත් මමත් සුදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

කුළුබඩු ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් පියවර රැසක් ගැනීමට රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා. කුරුඳු වටිනාකම් දාමය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කුරුඳු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා ගත් පියවර ඉතා කාලෝචිත එකක් බව කිවයුතුයි.

කුළුබඩු කර්මාන්තය ඇතුළු රටේ සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවද මෙහිදී සඳහන් කළයුතුයි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජානක ලින්දර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් යන මහත්වරුන් ඇතුළු රජයේ සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්ද, ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ සභාපති විරාජ් ද සිල්වා මහතා සහ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මහජනතාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට සනීපාරක්ෂක පහසුකම්

wedivistara

රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයක​ට පෙරළී 11 ක් රෝහලට

wedivistara

හයේශිකා ඇතුළු පිරිසට ඇප

wedivistara

අපේක්ෂිත ඇපයක් ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේගෙන් පෙත්සමක්

wedivistara

කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන මුදල්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරේ

wedivistara

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි


NEWS ALERT