Local

රනිල්-නාමල්-විජ­ය­දාස-දිලිත් නාම­යෝ­ජනා අත්සන් කරති

Thursday, 15 August 2024 - 8:54 am


එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ ජන පෙර­මු­ණෙන් ඉදි­රි­ප­ත්වීම සඳහා එම පක්ෂයේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා කොළඹ විජේ­රාමේ පිහිටි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නිවෙ­සේදී නාමයෝජනා පත්‍ර­යට ඊයේ (14) අත්සන් තැබීය. එම අව­ස්ථා­වට හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ, ගෝඨා­භය රාජ­පක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ, පක්ෂයේ මහලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී සාගර කාරි­ය­ව­සම් මහ­ත්ව­රුන් ඇතුළු මන්ත්‍රී­වරු පිරි­සක් එක්ව සිටි අයුරු.

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ ජන පෙර­මු­ණෙන් ඉදි­රි­ප­ත්වීම සඳහා එම පක්ෂයේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා කොළඹ විජේ­රාමේ පිහිටි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නිවෙ­සේදී නාමයෝජනා පත්‍ර­යට ඊයේ (14) අත්සන් තැබීය. එම අව­ස්ථා­වට හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ, ගෝඨා­භය රාජ­පක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ, පක්ෂයේ මහලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී සාගර කාරි­ය­ව­සම් මහ­ත්ව­රුන් ඇතුළු මන්ත්‍රී­වරු පිරි­සක් එක්ව සිටි අයුරු.

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශ­පා­ලන කාර්යා­ල­යේදී ඊයේ (14) අත්සන් තැබීය.

මහා සංඝ­ර­ත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣා­යනා කර ජනා­ධි­ප­ති­ව­රයා වෙත ආශී­ර්වාද පළ කළ අතර අන්‍යා­ග­මික පූජ­ක­වරු ද ආග­මික වතා­වත් සිදු කොට ආශී­ර්වාද පළ කළහ.

අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමැ­ති­ව­රුන් රැසක් ද එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය ලබා­දෙන දේශ­පා­ලන පක්ෂ හා සංවි­ධා­න­වල නියෝ­ජි­ත­යන් ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ, නාමල් රාජ­පක්ෂ සහ දිලිත් ජය­වීර යන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් ද සිය නාම­යෝ­ජනා පත්‍ර­ව­ලට ඊයේ සිය කාර්යා­ල­ව­ලදී අත්සන් තබනු ලැබීය.

සජබ නායක සජිත් ප්‍රේම­දාස මහතා අද (15) සිය නාම­යෝ­ජනා පත්‍ර අත්සන් කිරී­මට නිය­මි­තය.

අනුර කුමාර දිසා­නා­යක මහතා පසු­ගිය 12 වැනිදා නාම­යෝ­ජනා පත්‍ර­යට අත්සන් තැබූ අතර තවත් අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නකු ඇප මුදල් තැන්පත් කිරී­මෙන් අන­තු­රුව පසු­ගි­යදා නාම­යෝ­ජනා පත්‍ර­ව­ලට අත්සන් තබනු ලැබීය.

පසු­ගිය ජූලි 26 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේ­ද­න­යක් හරහා ජනා­ධි­ප­ති­ව­ර­යකු පත්කර ගැනීම සඳහා නාම­යෝ­ජනා කැඳ­වීම අගෝස්තු 15 වැනි­දාත් ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා සැප්තැ­ම්බර් 21 වැනි­දාත් යනු­වෙන් දින නියම වී ඇති බව දන්වා සිටි­යේය.

අපේ­ක්ෂ­ක­යාගේ නම පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක් විසින් යෝජනා කරන විට එම පක්ෂයේ ලේක­ම්ව­රයා විසින් නාම­යෝ­ජනා පත්‍රය අත්සන් කළ යුතු අතර අපේ­ක්ෂ­ක­යාගේ නම වෙනත් යම් දේශ­පා­ලන පක්ෂ­ය­කින් යෝජනා කරන විට එම පක්ෂයේ ලේක­ම්ව­රයා විසින් නාම­යෝ­ජනා පත්‍රයේ අත්සන් කළ යුතු වේ.

අපේ­ක්ෂ­ක­යාගේ නම යම් ඡන්ද හිමි­යකු විසින් යෝජනා කරනු ලබන විට ඡන්ද හිමි නාම­ලේ­ඛ­නයේ නම ඇතු­ළත් ඡන්ද හිමි­යකු විසින් නාම­යෝ­ජනා පත්‍රය අත්සන් කළ යුතු වන අතර නාම­යෝ­ජනා ඉදි­රි­පත් කළ පසු ප්‍රති­වි­රුද්ධ අපේ­ක්ෂ­ක­යකු විසින් හෝ ප්‍රති­වි­රුද්ධ අපේ­ක්ෂ­ක­යාගේ නාම­යෝ­ජනා පත්‍රය අත්සන් කරනු ලැබූ තැනැ­ත්තකු විසින් හෝ යම් අපේ­ක්ෂ­ක­යකු සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා ගොනු කිරී­මට ඇත්නම් කොම­සා­රි­ස්ව­රයා විසින් නියම කරනු ලබන වෙලාව තුළදී විරෝ­ධතා දැක්වී­මට හැකි වේ.

මෙවර නාම­යෝ­ජනා සම්බ­න්ධ­යෙන් අගෝස්තු 15 වැනි දිනම පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කාල සීමා තුළ විරෝ­ධතා දැක්වී­මට අව­ස්ථාව ලබා දී ඇත.

නාම­යෝ­ජනා කැඳ­වීමේ දිනයේ සිට සති 2ක් ඇතු­ළ­තදී මැති­ව­රණ කොම­සා­රිස් විසින් එක් එක් ඡන්ද බල­ප්‍ර­දේ­ශය තුළ ඡන්ද මධ්‍ය­ස්ථාන පව­ත්වන ස්ථාන සඳ­හන් කර­මින් දැන්වී­මක් ගැසට් පත්‍රයේ පළ කළ යුතු අතර එක් ග්‍රාම නිල­ධාරී කොට්ඨා­ස­යක් සඳහා එක් ඡන්ද මධ්‍ය­ස්ථා­නය බැගින් එම ඡන්ද බල­ප්‍ර­දේ­ශය තුළම පිහිටු වීම කළ යුතු වන අතර විශේෂ අව­ස්ථා­ව­කදී මෙම තත්ත්වය වෙනස් වීමට හැකි­යාව පවතී


Top Stories
wedivistara

මම තව වැඩි කාලයක් දේශපාලනයේ ඉන්නේ නෑ - අර්ච්චුනා

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් කිරීමට පියවර

wedivistara

අද වායු තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

Trending
wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 188 ක්


NEWS ALERT