ලෝකයේ කුඩාම ඇමති මණ්ඩලය පිහිටුවා ඇත්තේ ජාතික ජන බලවේග රජය විසින් ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
එය ලෝක වාර්තාවක් බවද පවසන ඔහු අමාත්‍යවරුන් තුන්දෙනෙකු අද රට පාලනය කරමින් සිටින බවද සඳහන් කළේය.
මෙම කටයුත්ත මීට පෙර පැවති රජයන් විසින් කළේ අමාත්‍යවරුන් හැටක් හැත්තෑවක් දමාගෙන බවත් හෙතෙම කියා සිටියේය.
ජාතික ජන බලවේග මහ මැතිවරණ ප්‍රචාර ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.