Local

දිවයින පුරා යන ඉන්දීය නර්තන කණ්ඩායම

Friday, 26 January 2024 - 7:10 pm

අදට (26) යෙදෙන 75වැනි ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද ‘ශ්‍රිංගාර් – අෂ්ට විධ සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්‍රදායන්ගේ සුසංයෝගය’ නමැති ප්‍රසංගය පසුගිය 24 වැනිදා පැවැත්විණ.

මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවාහන සහ මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය ඩයස්පෝරා සාමාජිකයන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
ශ්‍රිංගාර් ප්‍රසංගය විසින් ඉන්දියානු සාම්භාව්‍ය නර්තන සම්ප්‍රදායන් අටම ගෙන හැර දක්වන ලදී.

මෙම ප්‍රසංගය සඳහා ඉන්දියාවේ ICCR කලා ශිල්පීන් ඔඩිසි (නම්රතා මෙහ්තා සහ ඇගේ කණ්ඩායම වන සිද්ධි වෛකාර්, නමහා මසූම්දාර්, අනුරාධා සාංඝ්වි සහ ධුරුවි ජයින්), කතකලි (රෙන්ජිෂ් නයිර්), මනිපුරි (පුර්බිතා මුකර්ජි) සහ සත්‍රිය (සතබ්දි බෝරා) යන නර්තනයන් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පීන් විසින් භරතනාට්‍යම් (ධනුක දක්ෂිත් සමරවීර), මෝහිනියාට්ටම් (නිශාලි සිල්වා), කථක් (වෙරෝනිකා දසනායක) සහ කුචිපුඩි (තක්ෂයිනි කමලනාදන්) යන නර්තනයන් ඉදිරිපත් කරන ලදී. හින්දු කාන්තා විද්‍යාලයේ සිසුවියන් විසින් මෙම නර්තනයන් තවත් වර්ණවත් කරන ලදී. මෙම ඉන්දියා – ශ්‍රී ලංකා නර්තන සුසංයෝගය දෙරට අතර පවතින සංස්කෘතික පොහොසත්භාවය ද සබැඳියාව ද ප්‍රදර්ශනය කළේය.

ඉදිරි දින කිහිපය තුළ ඉන්දියානු නර්තන කණ්ඩායම දිවයින පුරා සංචාරය කරනු ඇති අතර මහනුවර, ගාල්ල, මඩකලපුව සහ යාපනය යන ප්‍රදේශවල ප්‍රසංග ඉදිරිපත් කරන බව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස්


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT