International

ඔස්ට්‍රේලියානු ලේඛකයාට චීනයේදී මරණ දඬුවම

Monday, 05 February 2024 - 7:53 pm

චීන අධිකරණයක් විසින් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික යැං හෙන්ජුන් නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබේ.

ඔත්තු බැලීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි ඔහුට වසර පහකට පසුව චීන අධිකරණය මෙම අත්හිටවූ මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දඬුවම වසර දෙකකට පසු ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමක් බවට පරිවර්තනය කළ හැකි අත්හිටවූ සිර දඬුවමක් බව ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

විද්වතෙකු සහ නවකතාකරුවෙකු වන ආචාර්ය යැං ඔහුට එරෙහි මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු, ලේඛකයෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු වන යැං හෙන්ජුන් ඔත්තු බැලීමේ චෝදනාව මත 2019 වසරේ සිට චීනයේ සිරගතව පසුවේ.

ඔහු නිදහස් කරන ලෙස ඔස්ට්‍රේලියානු රජය පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර සෙනෙට් සභික වොන්ග් මෙම අධිකරණ තීන්දුව බිහිසුනු එකක් ලෙසට හඳුන්වා දෙමින් පැහැදිලි කිරීමක් සඳහා චීන තානාපතිවරයා ද කැඳවා තිබේ.

පසුගිය වසරේ වෛද්‍ය යැංගේ පවුලේ සාමාජිකයන් අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත ලිපියක් යොමු කරමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවට අනතුරු අඟවා සිටි අතර චීන සංචාරයේදී ආචාර්ය යැං නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.

මීට පෙර චීන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කළ ආචාර්ය යැං “ප්‍රජාතන්ත්‍රවාදී පදික වෙළෙන්දා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය.

57 හැවිරිදි ඔහු 2019 ජනවාරි මාසයේදී Guangzhou ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔත්තු බැලීමේ චෝදනා ල මතය.

ඕස්ට්‍රේලියා නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළ නඩු සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමු කර තිබුණ ද චීන විදේශ අමාත්‍යාංශය අනතුරු අඟවා තිබුණේ නඩුවට මැදිහත් නොවී අධිකරණ ස්වෛරීභාවයට ගරු කරන ලෙසටය.

වෛද්‍ය යැං රැඳවුම් භාරයේ සිටියදී අවස්ථා 300 කට වැඩි ප්‍රශ්න කිරීම්වලට සහ මාස හයකට වඩා දරුණු වධ හිංසාවලට ලක්ව ඇති බව ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කර තිබේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT