Local

උතුරු පළාතේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගේ සංචාරයේදී හැකිවුණා - සමන් රත්නප්‍රිය

Sunday, 07 January 2024 - 12:52 pm

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ කරන ලද සංචාරය නිසා පලාතේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට හැකි වූ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
ඊයේ දින (06) යාපනය මාධ්‍ය සමාජ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පෙන්වා දුන් අතර මේ රටේ බස්නාහිර පළාතට පමණක් සීමා වී තිබූ සංවර්ධනය රටේ අනෙකුත් පළාත් වලටත් ගෙන ගොස් 2048 වන විට මේ රට සංවර්ධිත දේශයක් බවට පත් කිරීම ජනපතිතුමාගේ අරමුණ බව ප්‍රකාශ කළේය.
රටක් දියුණු කිරීමට නම් ජනතාව දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව පෙන්වා දෙන සමන් රත්නප්‍රිය මහතා උතුරු පාලාත් සංවර්ධන කාර්යයේදී දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දීම ගරු ජනාධිපතිතුමාගේ අරමුණ බව සඳහන් කළේය.
එසේම යාපනය දිස්ත්‍රික්කයේ ආර්ථික වශයෙන් දියුණු කළ හැකි අනෙකුත් ප්‍රධාන මර්මස්ථාන වන කිලිනොච්චිය, මුලතිව්, වවුනියා පුනරීන් යන ප්‍රදේශ දියුණු කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති කිහිපයක් රජය විසින් මේ වන විට සැලසුම් කර ඇති අතර ගරු ජනාධිපතිතුමාගේ සංචාරයේදී එම ස්ථාන දැකබලා ගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සමරත්නප්‍රිය මහතා මෙහිදී පැවසීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර, ජනාධිපති ප්‍රජා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහ උතුරු පළාතේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් සහභාගි විය.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT