Local

තිදෙනෙකුට දිවි අහිමි කළ බස් රථ රියදුරෙක්ට වසර 12 ක සිර දඬුවමක්

Wednesday, 06 December 2023 - 8:04 pm

තිදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ අධිකරණය එහි හිමිකරුට අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ අනුව 2007 වර්ෂයේ ජනවාරි මස 10 වනදා මිරිහාන ප්‍රදේශයේදී සිදුවූ රින අනතුරකට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම විත්තිකරුට රුපියල් 18,000ක දඩයක් ද නිය​ම කර ඇති අතර මරණයට පත්වූ මගීන් දෙදෙනෙකුගේ සමීප ඥාතීන් දෙදෙනෙකුට රුපියල් 150,000ක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කර තිබෙනවා.

මේ අතර අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ පැමිණිල්ලක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කර ඇති බවයි. 

මෙම දඩ හා වන්දි මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ඔහුට අමතර මාස 54ක සිරදඬුවමක් ද අධිකරණය විසින් නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT