Local

හෘද රෝග සඳහා භාවිතා කරන ස්ටෙන්ට් ඉදිරි සති දෙක තුළදී මිල දී ගැනේ. කහ උණ සඳහා ලබාදෙන එන්නත් ලඟදීම.

Saturday, 18 November 2023 - 5:28 pm

කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක අඩුපාඩුවක්ව පවතින හෘද රෝග සඳහා භාවිතා කරන ස්ටෙන්ට් ඉදිරි සති දෙක තුළදී මිලදී ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දි අද(18) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

හෘද රෝග සඳහා වන ස්ටෙන්ට්, කැතීටකරණය, සහ කාඩියෝලොජි ඩ්‍රග්ස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දීර්ග කාලයක් තිස්සේ ඇති වී තිබෙන අඩු පාඩු නිසා අදාළ නිළධාරින් නිවැරදිව එම ප්‍රසම්පාදන කටයුතු කිරීම සඳහා විශාල කාලයක් වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

හෘද රෝග පිළීබඳ විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යයි.හෘද රෝග සඳහා භාවිතා කරන ස්ටෙන්ට් වර්ග කිහිපයක් තිබෙනවා. සමහර වර්ග වල තොග නැහැ. ඒ සඳහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් තිබෙනවා.. ඉදිරියේදී ක්‍රමානුකූලව මෙම හිගය අඩු වෙයි.

කහ උණ සඳහා ලැබනෙ එන්නත් හිග වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහනුවර රෝහලේ ලීණියා ඇක්සර්ලේටරය යන්ත්‍රය ඇතුළු යන්ත්‍ර පිළිසකර කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදලක් වෙන් කර දෙන බවයි.

තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වන විට මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මුදල් වෙන් කර ඇති නමුත් ඒ සඳහා අවධානය යොමු කරන බව පැවසිය. මේ වන විට ප්‍රසම්පාදන කාර්යය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කර ඇති බවත් අනාගතයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය නිවැරදි දීෂානතියකට යොමු කිරීමට කටයුතු කරන බවද පැවසිය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT