Local

මෙවර අයවැයෙන් නව සංවර්ධන ආකෘතියක් සඳහා ප්‍රවේශය ලබා ගෙන තිබෙනවා

Thursday, 16 November 2023 - 5:03 pm

මෙවර අයවැයෙන් නව සංවර්ධන ආකෘතියක් සඳහා ප්‍රවේශය ලබා ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (16) පැවසුවාය.

අයවැය දෙවනවර කියවීමේ තුන් වන දිනය වන අද විවාදයට එක්වෙමින් වනජීවී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුධයෙන් පසුව ජාතික ආර්ථික ප්‍රකෘතිමත් කිරිම සඳහා මෙවර අයවැය ඉදිරිපත් කර තිබේ. දේශපාලක්ඥයා පමණක් නොව යල් පැන ගිය දේශපාලන ප්‍රතිපත්තිත් මාරු විය යුතු බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එක් අතකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නා අතරම අනික් අතින් ජාතික ආර්ථිකය නිවැරදි දිශානතියට යොමු කිරීම වැදගත් බව ඇය පෙන්වාදුන්නාය.


වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය පැවසුවේ,

ජාතික අර්බුධයෙන් පීඩනයට පත් වසිටින ජනයා ක්‍රම ක්‍රමයෙන් එයින් මුදවා ගැනීමටත් මෙම අවස්ථාවේ සියළු දෙනා මුහුණ දී තිබෙන අභියෝගයක්. මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී දේශපාලන බැඳීම් කෙරෙහි නොව ජාතික වගකීම් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව අයවැය කතාව පුරාම ගැබ් වී තිබුණා. විවිධ වර්ණ සහිත දේශපාලන කෝණය පසකින් තබා මෙම අයවැය ගැන කල්පනා කළ යුතුයි. නව ආර්ථික ආකෘතියක අවශ්‍යතාව රට හමුවේ තිබෙනවා. ණය අරමුදල් මත යැපෙනමින් සුභ සාධක යෝජනා ගෙන ආ අයවැය වසර ගණනාවක් සිට පාර්ලිමේන්තුවට ගෙනාවා. නමුත් වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව මගින් ගත් දුර්වල ප්‍රතිපත්තිමය තීන්දු නිසා ඇති වූ ප්‍රතිඵල දෙස අප බැලිය යුතුයි

 රාජ්‍ය සේවාවන් අත්‍යාවශ්‍ය කාරණා සඳහා පමණක් යොදා ගනිමින්, බදු බර අඩු රටක් වෙත ගමන් කිරීමත් , රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා ඩිජිටල්කරණය වෙත ගමන් කිරීමත අවශ්‍ය වෙනවා. නව ප්‍රතිව්‍යුහගත කරණය කෙරෙහි මෙව අයවැයෙන් වැඩි අවධානය යොමු කර තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT