Local

තෙල් බෙදුම්කරුවන්ට රුපියල් කෝටි 3,000ක් වැඩිපුර කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට අමතර බරක් දරන්න වෙලා

Saturday, 22 June 2024 - 7:42 pm

තෙල් බෙදුම්කරුවන් සඳහා රුපියල් කෝටි 3,000කට අධික මුදලක් (රු. මිලියන 31,021.07ක්) වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අනාවරණය කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සිදු කර ඇති මෙම ගෙවීම හේතුවෙන් මේ වන විට පාරිභෝගිකයා විසින් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක්ද, 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50 ක්ද, LED සඳහා රුපියල් 5.88 ක්ද, LSD සඳහා රුපියල් 6.96ක්ද ලෙස වැඩිපුර මුදල් ගෙවන බවට කෝප් කමිටුවට අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) අවධානයට ලක් කළ අවස්ථාවේ මේ අනාවරණයන් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 8කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 – 22 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන 3,416 ක අලාභයක් සිදු කර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව යුතු බවත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

සංස්ථාවේ නිලධාරීන් මෙවන් වංචා සිදු කිරීම පිළිබඳ කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අප්‍රසාදය පළ කෙරිණි. තවද මේ වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර නිලධාරීන් පැහැදිලිවම වගකිව යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳවද පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසීය.

මේ වංචාව සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

එමෙන්ම 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද මෙහිදී කාරක සභාව විමසා සිටියේය. ඒ අනුව, මේ වැඩිපුර ගෙවීම් අය කරගැනීම් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින් පිළිබඳ සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කමිටුව විමසන ලදි.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට මෙරට නැති බව මෙහිදී අනාවරණය විය. මෙවැනි මූල්‍ය වංචාවක් සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමිව පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, යූ.කේ. සුමිත් උඩුකුඹුර, (මේජර්) සුදර්ශන දෙණිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේශ්වරන් සහ මධුර විතානගේ මහත්වරු මේ කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT