Local

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

Tuesday, 03 September 2024 - 12:16 pm

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ කිසි විටෙකත් අත්නොහරින බවය.

වෘත්තීය සංසදය සඳහා පැවති 'ආස්ක් මී - එනිතින්ග්' විශේෂ වැඩසටහනේ දී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහාතා මෙම අදහස් පළකර තිබේ.

එහිදී විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට ද රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

'ඩිජිටල්කරණය කම්කරු අංශයේත් ආරම්භ කළ යුතුයි. හැම කේෂ්ත්‍රයේම ඒක කරන්න යනවා. දෙවනුව තියෙන්නේ අපි කවුරුවත් රට යන එක නවත්තලා නෑ. විශේෂයෙන්ම මගේ අදහස නම් අපේ තරුණයින්ට යන්න කැමති අයට අපි ඉඩදීලා රටවල්වලට කතා කරලා යන කණ්ඩායම් වැඩිකරන්න කියනවා. මම දැනටම නැගෙනහිර ආසියානු රටවල් එක්ක කතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 50,000කට අපේ මුදල් දෙනවා තමන් කැමති වෘත්තීය විෂයක් තෝරාගන්න පිටරට රැකියා ලබාදෙන එකක් තෝරාගෙන පුහුණුවෙන්න. පුහුණු ගාස්තු අපි ගෙවන්නම්. පුද්ගලික ආයතනයෙන් පුහුණු වුණත් රජයේ ආයතනයකින් පුහුණු වුණත් 50,000කට අපි සල්ලි දෙනවා, පිටරට වෙළෙඳපොළ් රැකියාවලට පුහුණුවෙලා රට යන්න.'


Top Stories
wedivistara

ලයිට් කපන්න ගිය මණ්ඩලේ නිලධාරියා පහරකෑමෙන් රෝහලේ

wedivistara

කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

wedivistara

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

wedivistara

විදේශ ආයෝ­ජන ජුනි මාසය වන විට කෝටි 116,970ක් දක්වා ඉහළට

wedivistara

ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

wedivistara

බොරැල්ලේ වෙඩි තැබීමක්

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

wedivistara

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමේ තීරණයක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී සුප්‍රසිද්ධ සිනමා තරුවක් ලංකාවට

wedivistara

ලබන 30 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට පියවර


NEWS ALERT