Local

නුවරඑලියේ තොණ්ඩමන්, දිගම්බරන් ඉවරයි.. මාලිමාවෙන් පහක් පාර්ලිමේන්තු එනවා..

Tuesday, 15 October 2024 - 9:04 pm

මෙතෙක් පැවති මැතිවරණ වලදි රනිල් සහ සජිත් ජන්ද බැංකුව වශයෙන් හදුනාගෙන සිටි නුවරඑලිය දිස්ත්‍රික්කය 2024 මහ මැතිවරණයෙන් බිද දමන බව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවිරආරච්චි මහතා පැවසිය.

මංජුල සුරවිරආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ 2024 මහ මැතිවරණයට අදාල නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විශාල ජන්ද ප්‍රතිශතයක් ලබාගත් බවත්, රටේ බහුතර ජන්ද දායකයන් පිරිසක් අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමෙන් අනතුරුව වතුකරයේ බොහෝ ජන්ද දායකයින් පිරිසක් මාලිමාව වටා එක්වෙමින් සිටින බවයි.

තොණ්ඩමන්, දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන් යන මහතුන්ට ක්‍රියාකාරිව දේශපාලන කටයුතු වල නියැලි සිටි බහුතර පිරිසක් කිසිදු කොන්දේසියකින් තොරව මේ වන විට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂකයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

පවත්නා සැබැ වෙනසත් සමග නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පස්දෙනෙකු තේරි පත් වන බවත්, ඒ සදහා තම කණ්ඩායම දැඩි කැපවිමකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂකයින් වන සමාජ ක්‍රියාකාරි ක්‍රිෂ්ණන් කලේයිචෙල්වි, නිතිඥය අනුෂ්කා දර්ශණි තිලකරත්න, වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන්, සමාජ ක්‍රියාකාරි ඩැනියෙන් නොයෙල් ජෙනස්ටර් යන මහත්ම මහත්මියන් සහභාගි විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT