දිවයිනම ආවරණය වන පරිදි ලබන 07 වනදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන 07 වනදා සිට දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.