Local

විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායකයන් අත්අඩංගුවට ගැනීමත් වේගවත් කරනවා – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

Monday, 04 March 2024 - 8:05 am

“යුක්තිය මෙහෙයුම ආරම්භ වීමත් සමඟම සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ⁣ පාතාල කල්ලි අතර ගැටුම් උත්සන්න වෙලා. විදේශගතව සිටින පාතාල කල්ලි නායකයන් විසින් මෙහෙයවන මුදලට කොන්ත්‍රාත් දීම හේතුවෙන් පසුගිය දිනවල ඝාතන කිහිපයක් සිදු වෙලා තිබෙනවා. ලබන සතියේ සිට විදේශගත වී සිටින පාතාල කල්ලි නායකයන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු වේගවත් කරනවා. මේ වන විට යුක්තිය මෙහෙයුමට මාස තුනක් ගතවී තිබෙනවා. ලබන සතියේ සිට පොලිසියේ සියලුම සම්පත් යොදා ගනිමින් මේ මෙහෙයුම තවත් දැඩි කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාලයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට කටයුතු කරනවා.” යැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේය.

පොලිස්පතිවරයා සිය ධුරයෙහි වැඩ භාර ගැනීමෙන් පසු පෙරේදා (02) සවස අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදය ලබා ගත්තේය. පසුව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙලෙස පැවැසීය.

“අද සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් ඇති මත්ද්‍රව්‍ය භාවිතය පොලිසිය තුළ පමණක් ඇති නොවීමට හේතුවක් නෑ. ඒවායේ ඉන්නෙත් මිනිස්සු. මත්ද්‍රව්‍ය භාවිත කරන කිසිම පොලිස් නිලධාරියකු පොලිසියේ තබා ගන්නේ නෑ. මේ වන විට එවැනි නිලධාරීන් එකසිය ගණනක් හඳුනාගෙන තිබෙනවා. ඒ අය අපි පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා. මේ වන විට මම පොලිසිවලට උපදෙස් දී තිබෙනවා, මත්ද්‍රව්‍ය භාවිත කරන අය සිටිනවා නම් ඔවුන් වහාම වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට. එම අවස්ථාවලදී පැන යන අයකු සිටී නම් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පූර්ව නිගමනය කර සේවයෙන් පහකර හරිනවා.

යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට සැකකරුවන් හැටදහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණත් බන්ධනාගාර පිරී ඉතිරී ගොස් නෑ. පිරිසක් ඇප ලබා ගොස් තිබෙනවා. තවත් පිරිසක් රැඳවුම් මධ්‍යස්ථානවල සිටිනවා. මම නිරන්තරයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා. ඒ තොරතුරු අනුව මෙතෙක් කිසිම බන්ධනාගාරයක් සැකකරුවන්ගෙන් පිරී ගොස් නෑ. අප විශේෂයෙන් පාසල් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධ සැක සහිත පාසල් අසල ‘පවුර’ නමින් සංවිධානයක් සකස් කර ඒ සඳහා ජනතාව සහ ගුරුවරුන් එක්ව අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා. දැනට තිබෙන සංඛ්‍යා ලේඛන අනුව මේ වන විට පාසල් සියයට අනූවක පමණ කිසිදු ගැටලුවක් නෑ.

අප පසුගිය සතියේ විශ්වවිද්‍යාල සිසුන් තුන්සියයක් පමණ මේ සම්බන්ධයෙන් පුහුණු කර ඔවුන් පාසල්වලට යවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් මුදාගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉදිරියේදී මේ සඳහා රජරට විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධ කර ගන්නවා.

මෙය පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කරනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ලක්ෂ ගණනක් මෙරට සිටිනවා. මේ අය උදේට අවදි වූ ගමන් ආහාර වේලට වැඩිය සොයන්නේ මත්ද්‍රව්‍ය. ඒ නිසා මේ අය පුනරුත්ථාපනය කිරීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දිවයින පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 250ක් ඇති කරනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT