Local

ජන ගංගා මැදින් රැලි නිමාවේ – අපේක්‍ෂකයෝ අවසන් රැලි අමතති

Thursday, 19 September 2024 - 9:57 am

අවසර නැති කිසිවකුට ඡන්දපළට එන්න බෑ – බීලා එන්නත් බෑ
අවි ආයුධ රැගෙන යෑම සපුරා තහනම් කෝල් ගන්න – ෆොටෝ ගහන්නත් බෑ

අවසර නොලත් කිසිවකුට ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමිසම සියලු ඡන්දපළ නියෝජිතයන්ට දැනුම් දී ඇත.

ඡන්දපළට ඇතුළුවිය හැක්කේ අදාළ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයන්, ඡන්දපළ කාර්ය මණ්ඩලය, ඡන්දපළ රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්, තරග කරන ජනාධිපති ධුර අපේක්‍ෂකයන්, ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගේ ඡන්දපළ නියෝජිතයන්, අපේක්‍ෂකයන්ගේ බලයලත් නියෝජිතයන්, අපේක්‍ෂයන්ගේ ප්‍රාදේශීය නියෝජිතයන්, එක් එක් අපේක්‍ෂකයන් විසින් විධිමත්ව පත් කළ ඡන්දපළ නියෝජිතයන්, කොමිසමේ අවසරලත් දේශීය හෝ විදේශීය නිරීක්‍ෂකයන් හා තේරීම් භාර නිලධාරීන්ගේ අවසරලත් නිලධාරීන්ට පමණි.

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන තුළට අවි ආයුධ රැගෙන යෑම සපුරා තහනම් බව කොමිසම පවසයි.

එමෙන්ම ජංගම දුරකථන භාවිතා කිරීමත්, ඡායාරූප ගැනීමත්, වීඩියෝගත කිරීමත් තහනම් වෙයි. මත්පැන් පානය කර හෝ මත් ද්‍රව්‍ය භාවිතා කර පැමිණීම තහනම් බවත් දුම්පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානය තුළ භාවිතා කිරීමත් තහනම් වෙයි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT