පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර තිබෙයි.
නව තනතුරේ රාජකාරී ඉටු කිරීම 2024.01.08 දින සිට ක්‍රියාත්මක කෙරෙන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිකුත් කළ ලිපියේ සඳහන් වෙයි.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අපරාධ දිසාවේ රාජකාරීවලට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද තවදුරටත් කටයුතු කරයි