Local

මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අවම මට්ටමක

Wednesday, 13 November 2024 - 6:34 pm

නිදි පරිදි බස්රථ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මහ මැතිවරණය සඳහා ඡන්ද භාවිතා කිරීමට ගම්බිම් බලායන ජනතාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් ප්‍රවාහන බලධාරීන් පවසන්නේ අවශ්‍යතාවය අනුව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

හෙට පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා, ඊයේ වන විටම පිට පළාත් ජනතාව සිය ගම්බිම් බලා පිටත්ව යනු දක්නට ලැබී තිබුණා.

බොහෝ ජනතාව චෝදනා කළේ නිසි පරිදි ප්‍රවාහන සේවා නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවයකට පත්වූ බවයි.

මෙහිදී අද (13) උදෑසන වන විටත් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ගම්බිම් බලා යන ජනතාවගේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව සඳහන්.

මේ අතර කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ මෙන්ම පෞද්ගලික බස් නැවතුම්පොළේ ද අද (13) උදෑසන දැඩි තදබදයක් පැවතුණු බවයි වාර්තා වන්නේ.

ඒ මහා මැතිවරණයේ ඡන්ද භාවිතා කිරීම සඳහා විශාල ජනතාවක් ගම්බිම් බලා යාමට පැමිණීම හේතුවෙන්.

කෙසේවෙතත් ජනතාව චෝදනා කළේ ප්‍රමාණවත් පරිදි බස්රථ ධාවනය නොවන බවටයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT