Local

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

Tuesday, 30 January 2024 - 7:30 pm

පසුගියදා පැවති 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අවලංගු කරන ලද කෘෂි විද්‍යාව විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රය විශේෂ විභාගයක් ලෙස නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ​පෙබරවාරි මස 01 වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයත්, එදිනම පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා එම විෂයෙහිම පළමු ප්‍රශ්න පත්‍රයත් ලබා දී එම විභාගය පැවැත්වීමට නියමිතයි.

එම විභාගය සඳහා පෙනී සිටින සියළු අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක් මේ වන විට නිකුත්කර තිබෙන බවත්, පාසල් විභාග අපේක්ෂකයින්ට එය විදුහල්පතිවරුන් හරහා ලබාගත හැකි බවත්, ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයෙක් වේ නම් https://www.doenets.lk/ නිල වෙඩ් අඩවියට පිවිසීමෙන් බාගත කර ගැනීමේ හැකියාවද පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT