Local

අනවසර ලෙස විදුලිරැහැන් නිසා අහිමි වී යන ‘වන අලි‘ රැකගන්න අංකයක්

Wednesday, 17 January 2024 - 10:02 pm

අනවසර ලෙස විදුලි සැපයුම භාවිත කිරීම නිසා රටට අහිමි වී යන වන අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එවැනි තොරතුරු ලබා දීම පිළිබඳ ව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දුරකථන අංකයක් හදුන්වා දී ඇත.

අප රටේ ජෛව විවිධත්වයේ සංකේතයක් වූ වන අලි සම්පත දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව තිබේ.

ගණනය කිරීම් වලට අනුව 6000 ක් පමණ වූ ශ්‍රි ලංකාවේ වන අලි ගහනයෙන් 2023 වර්ෂයේ පමණක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන 474 දෙනෙකු මරණයට ලක්වී ඇත. ඒ අතරින් ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මඟින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම නීති විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අප රටේ වන අලි සම්පත රැක ගැනීමට ජනතා සහායද අපේක්ෂා කරයි. ඒ අනුව විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව 1987 ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

අතීතයේ සිටම ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් වැදගත්කමක් උසුලන, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය සහ ආදරයට ලක් වෙමින් රට තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන අලි සම්පත විනාශ කිරීමට එරෙහිව එක්වන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT