Local

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

Saturday, 07 June 2025 - 11:55 am

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවත්, එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබා දී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

පසුගිය 05 වැනිදා මොරටුව මෝදර ප්‍රදේශයේදී දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් 'සාගරිකා' දුම්රිය එම ස්ථානයේ නතර කළ අතර, දුම්රිය මාර්ගය ද තාවකාලිකව වසා දැමුණා.

ඒ සමග මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳව ගැටලුවක් මතු වූයේ, එසේ තිබියදීත් බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අඟවන කොළ පැහැති ආලෝකය සංඥා දිස්වීම හේතුවෙන් පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණු බැවිනි.

කෙසේ වෙතත්, දුම්රියේ රියැදුරාගේ විමසිලිමත් බව හේතුවෙන් එහිදී සිදුවීමට ගිය  අනතුරක් වලක්වා ගැනීමට හැකිවුණා.


Top Stories
wedivistara

පොසොන් පොහොය වෙනුවෙන් ලියාපදිංචි දන්සැල් 4,125ක්

wedivistara

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

පොසොන් සතිය අදින් ඇරඹෙයි

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

wedivistara

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

wedivistara

දේශබන්දුට එරෙහි විමර්ශන කොමිසම අද රැස්වෙයි


NEWS ALERT