Local

ජනාධිපති රූකඩයකට ඇපය පනස්දාහයි..

Monday, 12 August 2024 - 9:27 pm

ජනපතිවරණයට ඉදිරිිපත්වන ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් එහිදී මෙසේ අදහස් දැක්වීය.

ජනපතිවරණ අපේක්ෂකයෝ බහුතරය රූකඩ. ඇපය ලක්ෂ 100ක් කළ යුතුයි.

1981 දී ජනාධිපතිවරණ පනත සම්මත කරන විට පක්ෂයක අපේක්ෂකයෙකුට රු 50,000ක් ස්වාධීන අපේක්ෂකයෙකුට රු 75,000ක් විධියට ඇප මුදල් නියම කළා. මේ ඇප මුදල් ඉල්ලීමෙන් බලාපොරොත්තු වෙන්නේ බොරු අපේක්ෂකයින් ඡන්දයට එන එක වැලැක්වීම. මොකද යම් අපේක්ෂකයෙක් 5%කට අඩුවෙන් ඡන්ද ගත්තොත් ඇප මුදල රාජ සන්තක වන නිසා. ලංකා ඉතිහාසයේ පැවැත්වුණු සෑම ජනපතිවරණයකම ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නා හැරුණු විට අනිත් සියළුම අපේක්ෂකයින්ගේ ඇප මුදල රාජ සන්තක වෙලා. ඒත් සෑම ජනපතිවරණයකටම අපේක්ෂකයින් බුරුතු පිටින් ඉදිරිපත් වෙනවා. 2019 ජනපතිවරණයට අපේක්ෂකයින් 35ක්. මේ පාර ඊටත් වැඩි වේවි. ඒ ඇයි?

සමහර අපේක්ෂකයින්ට මුදල් කුට්ටියක් ගෙවලා ඉදිරිපත් කරන්නේ ප්‍රධාන අපේක්ෂකයින්. ඒ ජනපති අපේක්ෂකයින්ට ලැබෙන මාධ්‍ය ඉඩ භාවිතා කරලා තමන්ගේ ප්‍රතිවාදි අපේක්ෂකයින්ට පහර දෙන්න. තවත් සමහරු ඉදිරිපත් වෙන්නේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වෙන්න. එහෙම නැතිනම් කුණු වෙන්න පැරදුනත් නැවත නැවත ඉදිරිපත් වීමේ හේතුව මොකක්ද? අවස්ථා දෙකක දී ඡන්ද 20,000ට අඩුවෙන් අරන් තුන්වන වරටත් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකුත් ඉන්නවා.

අද වන විට රුපියල පිරිහිලා. රු 50,000ක් 75,000ක් කියන්නේ මාසික වැටුප තරමට වටිනාකම පහත වැටිලා. 1981 දී රු20ක් වුණු ඩොලරය අද රු300යි. එදා රු10ක් වුණු පෙට්‍රල් ලීටරය අද රු345යි. ඒ නිසා රු75,000ක් සොයා ගෙන ජනපතිවරණයට ඉදිරිපත් වීම විලාසිතාවක් වෙලා. මැතිවරණ කොමිසම කියන විධියට වැඩි වෙන එක අපේක්ෂකයෙකු සඳහා වැය වන වියදම රුපියල් මිලියන 200යි. ඒ නිසා ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10ක් කළ යුතුයි කියා අපි යෝජනා කරනවා. තමන්ට කැපී පෙනෙන්න, අනුන්ට මඩ ගහන්න මොවුන් මේ භාවිතා කරන්නෙ මහජන මුදල්. ඒ වගේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අවම වශයෙන් එක් මන්ත්‍රි ධූරයක් වත් දිනා ගන්න බැරි වුණු පක්ෂ වලට ජනපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදිය යුතුයි කියා අපි යෝජනා කරනවා. මේ යෝජනා අපි වරින් වර ඉදිරිපත් කළත් තමන්ගේ ප්‍රතිවාදි අපේක්ෂකයින්ට මඩ ගහන රූකඩ අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දිය යුතු නිසා කිසිම ආණ්ඩුවක් මේවා ක්‍රියාත්මක කලේ නෑ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

ඔබේ අපේක්ෂක දිලිත් ජයවීර මහතාට අනික් අපේක්ෂකයන්ට අභියෝගයක් වෙන්න පුලුවන්ද?

පිළිතුර

ජාතිකත්වය, ස්වදේශිකත්වය, මත පදනම්ව රට ගොඩ නැගිය යුතුබව කියන එකම අපේක්ෂකයා ඔහු. ඒ මතවාදයට 69 ලක්ෂයක් පසුගිය ජනපතිවරනයේදී ඡන්දය දුන්නා. නමුත් ගෝඨාභය රාජපක්ෂ එම සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරණු වෙනුවට ඇමරිකානුවන් දෙනෙක් නිසා ඇමරිකානු න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න ගිහින් පැනලා යන්න වුනා. ඉතිං ඒ 69 ලක්ෂයක් ජනතාවගේ ඉටු නොවුනු බලාපොරොත්තු වෙනුවෙන් ඉදිරිපත් වී සිටින එකම අපේක්ෂකයා ඔහු. ඉතිං ඔහු තර්ජනයක් නොවන්නේ කෙසේද කියන එක මම පෙරලා ප්‍රශ්න කරනවා.

ප්‍රශ්නය

මන්ත්‍රීවරුනම් දැන් ඒ මේ අතට මාරු වෙනවා. ජනතාවත් ඔවුන් පසුපස ඒ මේ අතට යනවද?

පිළිතුර

කිසිසේත්ම නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පනින පැනිල්ලේ හැටියටම පනින්න ජනතාව සුදානම් නැ. නායකයා පසු පසු ගව රැළක් සේ යන ජනතාව අතීතයේ හිටියා. දැන් එහෙම නෑ. අද අපේ සාක්ෂරතාව 94%ක් . ජංගම දුරකතන මිලියන 24ක් තියෙනවා. ඒ එක්ක අපේ රටේ ජනතාවගේ දේශපාලන දැණුමත් බොහොම ඉහල මට්ටමකට ඇවිලා තියෙන්නේ. ඉදිර මැතිවරණයයේදී ඒක පෙනේවී.

පිවිතුරු හෙළ උරුමය මහරගම සංවිධායක කිංස්ලි නිහාල්, මෙරටුව ආසන සංවිධායක කුමාර රාජරත්න යන මහත්වරුන්ද මෙහෙදී අදහස් දැක්වීය.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT