Local

හෙරොයින් ජාවාරම් නඩුවට වෙළේ සුදා උසාවි ගෙනත්

Thursday, 25 January 2024 - 7:31 am

හෙරොයින් ජාවාරම මඟින් වසර 2ක් තුළදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත් බවට චෝදනා කර පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවට කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙළේ සුදා නමැත්තා කොළඹ මහාධිකරණය ඉදිරියේ ඊයේ (24දා) පෙනී සිටියේය.

රෝගීව සිටින බව පවසා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් පෙර නඩු දිනයේ චූදිත අධිකරණයට ඉදිරිපත් නොකළේය. නඩුව ඊයේ (24දා)කැඳවූ අවස්ථාවේ අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා බන්ධනාගාර නිලධාරීන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාට ඉදිරිපත් කරන ලදි.

ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා, ඔහුගේ බිරිය හා සහෝදරියට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

වර්ෂ 2010 ජනවාරි පළමුවැනිදාත් 2012 අප්‍රේල් 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඹ හා අවට ප්‍රදේශවලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට සහ ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කර මුදල් හා දේපළ උපයාගත් බවටත් නීතිපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.

වසර දෙකක කාලයක් තුළ කළ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදලින් කළම්බු රෙසිඩන්ස් නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක්, රාජගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක්, කොළඹ බගතලේ පාරෙන් සුවිසල් නිවාස දෙකක්, කොළඹ නගරයෙන් තවත් නිවාස දෙකක්, අති සුඛෝපභෝගී බී. එම්. ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් රථ, රන් ආභරණ, බැංකු ගිණුම්වල මුදල් තිබූ බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් කොළඹ, දෙහිවල, රාජගිරිය, මාදිවෙල ඇතුළු ප්‍රදේශ කීපයක නිවාස හා දේපොළ අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාකොට වෙළේ සුදා, ඔහුගේ බිරිය වන පිලිදුව බෝලහවත්තගේ ගයානි ප්‍රියදර්ශනී සහ ඔහුගේ ඥාති නැඟණියක වන වසන්ති වසුන්දරා නමැති තැනැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන පෙබ: 05දාට කල් තබන ලදි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT