Local

අම්පාර ඩිපෝවේ වංචා දූෂණ ගැන කඩිනම් පූර්ණ පරීක්ෂණයක්

Friday, 16 February 2024 - 12:07 pm

– පිළිසකර කරන බස් රියේ අංක තහඩුව ධාවන තත්ත්වයේ බසයකට සවි කර කොළඹ එවලා
– ඩිපෝ ඉංජිනේරු සේවයෙන් ඉවතට
– අනෙක් හවුල්කරුවන් ගැනත් සොයයි
– කොළඹින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් අම්පාරට

ධාවනයෙන් ඉවත් කර තිබෙන බස් රථ පිළිසකර කර යළි ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතියට අදාළව අම්පාර ඩිපෝව මඟින් ප්‍රතිසංස්කරණය කරන බස් රථයකට අදාළ අංක තහඩුවක් උසස් ධාවන තත්ත්වයේ පවතින බස් රථයක සවිකොට ධාවනයට එක් කිරීම හරහා සිදුකර තිබෙන අක්‍රමිකතාව ඇතුළු වංචා හා දූෂණ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නියමයෙන් කඩිනම් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ සිද්ධියට අදාළව එම ඩිපෝවේ ඉංජිනේරුවරයා තනතුරෙන් ඉවත් කරන ලෙසට තමා විසින් දැනටමත් මානව සම්පත් කළමනාකාරවරයා වෙත දැනුම් දුන් බව ද ඒ සම්බන්ධයෙන් වන විමර්ශනය ඊයේ (15) සහ අද (16) සිදු කරන බව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා ‘දිනමිණට’ පැවසීය.

මේ සිදුවීමට සම්බන්ධ ඩිපෝ කළමනාකාරවරයා, ඉංජිනේරුවරයා, ගණකාධිකාරීවරයා, ගබඩා භාරකරු සහ බස් රථවල අංක තහඩු වෙනස් කිරීම සඳහා සම්බන්ධ වූ සියලු සේවකයන්ට එරෙහිව මේ වන විට විනය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා කීවේය.

බස් රථ 400ක් පිළිසකර කිරීමේ වැඩසටහනට අදාළව දෙවැනි අදියරේ බස් රථ 200ක් ධාවනයට එක් කිරීමේ උත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) සිදුකෙරුණු අතර ඒ සඳහා අම්පාර ඩිපෝව මඟින් එක් කළ බස් රථය ධාවනයේ පැවැති බස් රථයක් බවටත් එය නැවත ප්‍රතිසංස්කරණය කළ බස් රථයක් ලෙසින් මෙම අවස්ථාවට එක්කර තිබෙන බවටත් අනාවරණය කරගත් බව පැවසූ සභාපතිවරයා අම්පාර ඩිපෝවට අයත් NB 5430 අංකය දරන බස් රථය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට ඇතුළත් කර තිබූ නමුත් එම බස් රථය නියමිත දිනට ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් ධාවන තත්ත්වයේ පවතින NB 5432 නමැති බස් රථයේ අංක තහඩුව ඉවත් කොට NB 5430 අංකය යොදා තිබෙන බවට අනාවරණය වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව උසස් ධාවන තත්ත්වයේ පවතින බස් රථය උත්සව අවස්ථාව සඳහා ඉදිරිපත් කර තිබෙන බව පැවසූ ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා ඒ සම්බන්ධයෙන් පසුගියදා (13) රාත්‍රියේ පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කාන්තාවක විසින් තමාට දුරකතන ඇමතුමක් ලබාදී මෙවැනි සිද්ධියක් සිදුව තිබෙන බවට දැනුම් දුන් බව ද තමාට එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සිදු කළ සාකච්ඡාවකින් එවැන්නක් දැනගත හැකි වූ බවට තමාට දැන්වූ බව ද පැවසීය.

ඒ අනුව තමා විසින් පෙරේදා (14) පෙරවරුවේම ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන කළමනාකාරවරයා සමඟ කණ්ඩායමක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට අම්පාර ඩිපෝව වෙත යොමු කළ බව සඳහන් කළ සභාපතිවරයා ඒ අනුව පෙරේදා පස්වරුව වන විට බස් රථ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන කරුණු සනාථ වූ බව ද ප්‍රකාශ කළේය.

ඒ අනුව විමර්ශන වාර්තාව ලැබුණු වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙහි අධීක්ෂණය භාරව සිටි ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගෙන් ද පසුවිපරමක් සිදුව නැති බවට සඳහන් කළ ඒ මහතා ඒ හේතුවෙන් ඔහුට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය. කෙසේ වුවද මෙලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොමු කළ බස් රථය වෙනුවෙන් රුපියල් 459,575ක අමතර කොටස් ලබාගෙන තිබෙන බව ද සැබෑ ලෙසම එම අමතර කොටස් අදාළ බස් රථයට සවි කළාද යන්න සම්බන්ධයෙන් විශේෂ තාක්ෂණික කණ්ඩායමක් යොදවා පරීක්ෂා කරන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

පසුගිය වසරේ ජනවාරි මාසය වන විට ලංගම ඩිපෝවල බස් රථ 852ක් ධාවනයෙන් ඉවත් කර තිබූ අතර, දිවයින පුරා ලංගම ඩිපෝ 107ක, ප්‍රාදේශීය වැඩපොළවල් 11ක ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් විසින් මෙම බස් රථ පුනරුත්ථාපනය කිරීම ආරම්භ කෙරිණි. 2023 වසර තුළ ආරම්භ කරන ලද මෙම බස් රථ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 193ක් පුනරුත්ථාපනය කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 193ක් වේ.

 
 
 
 


Top Stories
wedivistara

මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

wedivistara

අපි කියන වැදගත් දේශපාලන සංකල්ප වත්මන් පාලකයින් විකෘති කරමින් ඉන්නවා - අනුර

wedivistara

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන විශ්ලේෂණයක් කිරීමට රජයෙන් පියවර

wedivistara

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා - ශෙහාන් සේමසිංහ

wedivistara

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

wedivistara

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි


NEWS ALERT