Local

අනුර ගැන Al Jazeera ආයෝජකයන් බිය වද්දති.. ‘කිම් ජොං අං’ පන්නයේ චිත‍්‍රයක් ලෝකයේ මවති..

Sunday, 15 September 2024 - 9:29 am

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටින අපේක්ෂකයෙකු වන අනුර දිසානායක මහතා නායකත්වය දෙන පක්‍ෂය ශ්‍රී ලංකා රාජ්‍ය පෙරළා දැමීම සඳහා ප්‍රචණ්ඩ අරගල දෙකක් මෙහෙයවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයත් ජාතික ජන බලවේගයෙන් නැගී සිටිමත් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගය බොහෝ ඉන්දියාවේ ප්‍රධාන භූ දේශපාලන ප්‍රතිවාදියා වන චීනයට සමීප ලෙස සමීපව කටයුතු කරන බවද එහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ 2022 වසරේ ඇති වූ අරගලයට ජාතික ජන බලවේගය නිල වශයෙන් සහයෝගයක් නොදැක්වුවද දිනපතා විරෝධතා පවත්වමින් ගාලු මුවදොර කූඩාරම් ගසමින් මහා වැඩ වර්ජන සංවිධානය කරමින් ඊට සමපාත ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවත් එහි වාර්තා කර ඇත.

1971 සහ 1988 වකවානුවල ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ සන්නද්ධ නැගිටීම ශ්‍රී ලංකා ඉතිහාසය ලේ වැකි කාල පරිච්චේදයක් බවද සඳහන් කරන එම වාර්තාව පුළුල්ව පැතිර ගිය ඝාතන හා නිල නොවන ඇදිරි නීතිය කඩාකප්පල්කාරී ක්‍රියා ආදිය සම්බන්ධයේ සටහන්ව ඇතැයිද කියා සිටී.

කෙසේ වෙතත් අනුර දිසානායක මහතා පක්ෂයේ දේශපාලන මණ්ඩයට පත් කරන ලද්දේ අසාර්ථක කැරලිවලින් පසුව පක්ෂය ප්‍රචණ්ඩත්වය අතහැර මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යොමු වූ අවස්ථාවක බවද සඳහන් වෙයි.

පක්ෂ නායකයා බවට අනුර දිසානායක මහතා පත් වූ පසුව ඉතිහාසයේ සිදුවූ අපරාධ කාරණා සම්බන්ධයෙන් බීබීසී නාලිකාව සමග සමාව අයද සිටි බවත් එහි සඳහන් වෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT