එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළා.
නත්තල් සමරන ප්‍රදේශවල සිටින ජනතාව ඇතුළු දීර්ඝ සති අන්තය හේතුවෙන් දුරබැහැර ප්‍රදේශවලට යන ජනතාව ආවරණය වන පරිදි මෙම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.