Local

අපේ ඡන්ද ව්‍යාපාරයේ බර කරට අරන් ඉන්නේ පොදු ජනතාවයි -ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

Wednesday, 04 September 2024 - 5:20 pm

“ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි. මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත් අහෝසියි. ඇමැතිවරුන්ට ගෙවල් දෙන්නේ නෑ. ඇමැතිවරුන්ගේ ගෙදර ලයිට් බිල්, වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නෑ. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ගමන් කරන විට පිටුපසින් වාහන හතක් අටක් යන්නේ නෑ. ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපත් අහෝසියි. කැබිනට් ඇමැතිවරුන් 25යි. ඊට සරිලන නියෝජ්‍ය ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් කියා ජාතියක් නෑ. විශ්‍රාම ගොස් සිටින ජනාධිපතිවරුන් බලාගැනීමක් ද නෑ. රට පුරා තිබෙන ජනාධිපතිවරුන්ගේ මන්දිරවලින් කොළඹ එකක් විතරක් තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයෙ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘රට අනුරට – පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ මැයෙන් ජාතික ජන බලවේගය පෙරේදා (02) සංවිධාන කළ බදුල්ල ජනරැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මෙහි රැස්ව සිටින සහෝදර, සහෝදරියන්ගේ මුහුණුවලින් පෙනෙන්නේ එළැඹෙන 21 වැනි දින පවත්වන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය. පක්ෂ විසින් ජනතාවට විවිධ වරප්‍රසාද දෙන බව පවසමින් ඡන්දයට වැඩ කරන්න කියනවා. ඒත් අද ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය මේ රටේ පොදු ජනතාව කරට අරගෙන ඉදිරියට ගෙන යමින් තිබෙනවා. ත්‍රිරෝද රථයකට නැග්ගොත් එහි රියැදුරු මහතා පළමුවෙන් අහනවා කොහාටද යන්නෙ කියලා. බහිනකොට මාලිමාව ගැන හොඳ කියනවා. කඩේකට ගියොත් කඩේ මුදලාලි බඩු ටික කිරන ගමන් කියනවා, මේ සැරේ නම් වෙනසක් ඕනෙ කියලා. අපි නම් මාලිමාවට කියනවා. මාලිමාවට ඡන්දය දෙන බවට පොදු පුරවැසියා කාර්යාල තුළ කතා කරනවා. බස් එකේ කතා කරනවා. පාටිවලදී, දුරකතනයෙන් මාලිමාව පිළිබඳව කතා කරනවා. පොදු ජනතාව සම්පූර්ණ බර කරට ගෙන ක්‍රියා කරන ඡන්ද ව්‍යාපාරයක් තමයි මාලිමාව ජයග්‍රහණයට ක්‍රියාත්මක වන්නෙ.

මේ රැස්වීමට සහභාගි වී ගෙදර ගොස් මේ සහෝදර, සහෝදරියන් නිකන් සිටිනවාද? නෑ මේ මස 21 වැනිදා වන තෙක් මාලිමාවට ඡන්දය වැඩි කර ගැනීමට ක්‍රියා කරනවා. මෙය නිකන් ඇති වූ තත්ත්වයක් නොවේ. අප මේ රටට ඇති වෙමින් තිබෙන අනතුර කාලයක් පුරා දැක්කා. ඒ පිළිබඳව කාලයක් පුරා අපි කතා කළා. මේ තත්ත්වය හේතුවෙන් ජාතික ජන බලවේගයේ අපි ඉතා සැලසුම්සහගතව මේ රට ගොඩනැඟීමට අවශ්‍ය වන වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා කමිටු ගණනාවක් පත් කළා. ගම්වලට ගියා. ජනතාව හමුවුණා. රටේ තිබෙන සම්පත් දෙස බැලුවා. ලෝකයේ ඇති වෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව සොයා බැලුවා. ඒ අනුව අප රට ගොඩනැඟීමට සමත් වන ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙළක් හැදුවා. එය ජනතාවට ඉදිරිපත් කළා.

ශක්තිමත් මහජන ව්‍යාපාරයක් අද ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙනවා. අනෙකුත් දේශපාලන පක්ෂ පුරුදු සෙල්ලම කරනවා. ඔවුන් හිතුවා මෙවර ජනාධිපතිවරණයේදී මාස එකහමාරකින් ගේම ගහන්න පුළුවන් කියලා. ඔවුන් කරන්නේ ඡන්ද මාස එක හමාරෙ බහිනවා. ලොකු රථ පෙළපාළිවලින් එනවා. ඇඟිලි තුන හතරක මුදු දාගෙන තිබෙනවා. කඹ වගේ බ්‍රේස්ලට් දාගෙන ඉන්නවා. හැබැයි ඔවුන් අන්තිම දින කිහිපයේ මොනව කරන්නද? ඔවුන් දැන් කියනවා ජාතික ජන බලවේගය නැඟිටිමින් තිබෙන බව.

මේ රට තව කොහෙද වැටෙන්න තියෙන්නෙ. මේ රටේ ජනතාව හිතුවා යුද්ධය අවසන් වුණාම රට ගොඩයයි කියලා. යුද්ධය ඉවර වුණේ 2009. අද 2024. ජාතික ජන බලවේගයේ අප මෙවර බලය ගන්න හදන්නෙ වැටුණු රට නැඟිට්ටවීමට. අපට පුළුවන් මේ රට හදන්න. ඒ සඳහා අප පියවරෙන් පියවර පටන් ගන්නවා.

මේ රටේ දේශපාලනය සහ දේශපාලකයා පිළිබඳව ජනතාවට තිබෙන්නේ අප්‍රසන්න හැඟීමක්. අද සමාජ මාධ්‍ය තිබෙනවා. ඒ නිසා දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු වැඩි වැඩියෙන් ජනතාවට ලැබෙනවා. මේවා දැකපු ජනතාවට ඇතැම් දේශපාලනඥයන් පිළිබඳව කලකිරීමක් ඇති වුණා. හැබැයි දේශපාලනය ප්‍රතික්ෂේප කර හරියන්නෙ නෑ. එයින් ඈත්වෙලා හරියන්නෙත් නෑ. ඕනෑම රටක් ගොඩනංවන්න ඒ රටට දේශපාලන මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ නිසා දේශපාලනය තිත්ත වුණාට, අප්‍රසන්න වුණාට, පිළිකුල් වුණාට එය එහෙම අත්හරින්න බෑ. රට හදන්න දේශපාලනය ඕනෙ. ඒ නිසා කැත, කිලිටි වූ දේශපාලනය වෙනුවට රටට යහපත් දේශපාලනයක් අවශ්‍යයි. ජාතික ජන බලවේගය අනුගමනය කරන්නෙ යහපත් දේශපාලනයක්. අපේ දේශපාලනය මුළුමනින්ම මහජනතාවට සේවය කිරීමයි. අපේ රට මීට වඩා හොඳ රටක් බවට පත්කිරීම තමයි අපේ අපේක්ෂාව. දේශපාලනඥයා ජනතාවට ආදර්ශවත් විය යුතුයි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි. මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත් අහෝසියි. ඇමැතිවරුන්ට ගෙවල් දෙන්නේ නෑ. ඇමැතිවරුන්ගේ ගෙදර ලයිට් බිල්, වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නෑ. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ගමන් කරන විට පිටුපසින් වාහන හත අටක් යන්නේ නෑ. ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපත් අහෝසියි. කැබිනට් ඇමැතිවරුන් 25යි. ඊට සරිලන නියෝජ්‍ය ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් කියා ජාතියක් නෑ. විශ්‍රාම ගොස් සිටින ජනාධිපතිවරුන් බලාගැනීමක් නෑ. රට පුරා තිබෙන ජනාධිපතිවරුන්ගේ මන්දිරවලින් කොළඹ එකක් විතරක් තිබෙනවා. අනෙක් ඒවා සියල්ල අත්හරිනවා. මේ ආකාරයෙන් ක්‍රියා කළ විට ජනතාව දේශපාලනඥයාට ආදරය කරනවා. ඔහුව විශ්වාස කරනවා. අපි වංචාව, දූෂණය, නාස්තිය නතර කරනවා. වංචා කරන අයට නීතිය අනුව කටයුතු කරනවා. සොරකම් කළ දේපොළ පවරා ගන්නවා.

අපේ රට සංචාරක ව්‍යාපාරයට ඉතා යෝග්‍ය රටක්. එය ගොඩගන්න වැඩපිළිවෙළක් අප සාදා තිබෙනවා. නීතියක්, විනයක් තිබෙන රටක් බවට මේ රට පත්කරනවා. තේ වත්තෙ වැඩ කරන කම්කරු ජනතාව අප බලාගන්න ඕනෙ. ඔවුන්ට ඉඩම් දෙන්න ඕනෙ.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT