Local

මේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3694ක්

Wednesday, 07 August 2024 - 6:04 pm

මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු ඊයේ (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුලත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්‍රකාරව ශ්‍රී ලංකිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙවර පිටත් වුයේ 873 වන කණ්ඩායමයි.

අද වන විට තරුණ ප්‍රජාව අතර දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් විමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබෙන අතර වර්තමානය වන විට තරුණියන් මෙම රැකියා අවස්ථා සදහා යොමුවීම නව ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

මේවන විට දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබෙමින් පවතින අතර ඉදිරියේදි තවත් ශ්‍රමිකයන් රැසක් රැකියා සඳහා පිටත්විමට නියමිතව තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT