Local

හරක් කටා සහ කුඩු සළිදු රිමාන්ඩ්

Monday, 11 March 2024 - 3:27 pm

කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටාව අප්‍රේල් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය.

ඒ අනුව හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

දින 362ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කෙරුණු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” අද(11) රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

විදේශගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඩුබායිහීදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මසදීය.

කෙසේවෙතත් ඔහුව මෙරටට ගෙන්වාගැනීමට සිදුකළ යුතු උදර්පන කටයුතු විධිමත්ව සිදුනොවීම හේතුවෙන් ඩුබායි පොලීසිය හරක් කටාව මුදාහැර තිබිණි.

අනතුරුව 2023 මාර්තු 7 වැනිදා මැඩගස්කරයේ දී “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු 15 වැනිදාය.

එතැන් සිට ඔවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවය.

එලෙස CIDය භාරයේ රඳවා සිටින අතරතුර හරක් කටා ඉන් පැනයාමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබිණි.

කෙසේවෙතත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු “හරක් කටා” සහ “කුඩු සළිඳු” අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණි.

ඉන් පසුව ඔවුන් දෙදෙනා අධිකරණ කටයුතු සඳහා රැගෙන යනු ලැබීය.

මේ අතර සලිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු අද පෙරවරුවේ ඉදිරිපත් කෙරුණේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT