Sports

බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා හතුරුසිංහව පතුරු ගසයි

Tuesday, 16 April 2024 - 8:54 am

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී හදිසියේම කණ්ඩායමෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි බංග්ලාදේශ කණ්ඩායමට එක්වීම සැකසහිත බව එරට ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් පවසයි.

අ‌ෙමරිකානු ඩොලර් 25000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 7.5ක්) වැටුපක් හා වරප්‍රසාද රැසක් ලබන ශ්‍රී ලංකා ජාතික පුහුණුකරුට රැකියාවෙන් ඉවත්වීමට සිදුවන බව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට පැවැසීය.

පසුගිය ඉන්දීය ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අධ්‍යක්ෂවරයාව සිටියදී තමන්ට ලැබිය යුතු ගෞරවය ලබා නොදුන් හතුරුසිංහ කණ්ඩායමේ අනෙක් පුහුණුකරුවන් හා ඇතැම් ක්‍රීඩකයින් සමඟ සුහදව කටයුතු නොකළ බවට චෝදනා කළේය.

බංග්ලාදේශ පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිකට් අධ්‍යක්ෂවරයා චෝදනා කළේ ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් සහ පන්දු රැකීමේ පුහුණුකරු ෂේන් මැක්ඩර්මොට් සමඟ හතුරුසිංහගේ නොමනා හැසිරීම් නිරන්තර දක්නට ලැබුණු බවය.

“ලෝක කුසලානයේ මොකද වුණේ කියා ඔබ දන්නවාද? ඇලන් ඩොනල්ඩ් පැවසුවේ කුමක්ද, මැක්ඩර්මොට් පැවසුවේ කුමක්ද? ප්‍රධාන පුහුණුකරු කණ්ඩායම සමඟ හොදින් හිටියේ නෑ. කොල්ලො ටිකත් හරි ගියේ නෑ. නමුත් එයට හේතු තිබුණා“ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් පැවැසීය. කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හතුරුසිංහගේ පැමිණීම හෝ නොපැමිණීම සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැත.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT