Local

පැල්මඩුල්ලේ බස් අනතුරක් - 27 ක් රෝහලේ – 07 දෙනෙකුට බරපතළයි

Wednesday, 29 May 2024 - 11:58 am
Breaking News

කොළඹ ඇඹිලිපිටිය සහ  බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය  පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන්  පුද්ගලික බසය  මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන්   හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි.

අද උදෑසන 6.15 ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් බසයේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුර වැළැක්වීම සඳහා බසය මාර්ගයෙන් ඉවතට ගැනීමට රියදුරු උත්සාහ කිරීමේ දී පස බුරුල් වී තිබීම නිසා බසය අසල තිබූ ප්‍රපාතයකට පෙරලී තිබෙයි .

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ 07 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 20 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ .

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT