Local

2024 සංශෝධිත පාසල් වාර සටහන නිකුත් කෙරේ

Sunday, 03 March 2024 - 4:27 pm

2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24 වනදා සිට මැයි මස 03වනදා දක්වා ක්‍රියාත්මක වන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වනදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

දෙවන පාසල් වාරය ජුනි මස 03 වනදා සිට අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර 2024 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වනදා සිට නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

2024 තෙවන පාසල් වාරය ජනවාරි මස 17 වනදා අවසන් වීමට නියමිතව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

news images news images


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT