Local

මහජන ආරක්ෂක ලේකම් පොලිස් මූලස්ථානයේ.. පරණ ෆයිල් උඩට ගනී..

Saturday, 05 October 2024 - 10:33 am

ශ්‍රි ලංකාව තුල ආන්දෝලනයට තුඩුදුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.03 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදී දැනට සිදු කරගෙන යන විර්මශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන වේ නම් ඒවා මොනවාද, එසේ නැවතීමට දේශපාලණික හේතු බලපා තිබෙනවාද, තවද අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විර්මශන, අළුතෙන් ආරම්භ කළ යුතු විර්මශන තිබේ නම් ඒවා මොනවාද යන්න පිළිබඳවද විශේෂ අවධානය යොමු කර සාකච්ඡාවට භාජනය කරන ලදී.

යම් යම් විමර්ශන සඳහා බලපෑම් සිදුවී තිබේද, එසේ නොමැතිනම් ප්‍රමාදවීමට හේතු මොනවාද යන්න පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

මෙම අවස්ථාව සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගි විය.

අදාල කරුණු පිළිබඳව වාතාවක් සකස් කර ඉදිරි විර්මශන සිදු කෙරෙන අතර, මෙහිදී වැදගත් වූ විර්මශන රාශියක් පිළිබඳව අවධානය යොමු කර තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT