Local

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට

Tuesday, 21 January 2025 - 10:07 pm

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ලබාගත් ආගමන විගමන නිලධාරියෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පැමිණිලිකරු වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට එම මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අදාළ නිලධාරියා විසින් පැමිණිලිකරුගෙන් මෙම මුදල ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT