Local

‘විශ්ව බුද්ධි’ 26 තෙක් රිමාන්ඩ්

Monday, 22 January 2024 - 10:06 pm

බුදු දහ­මට අප­හාස වන අයු­රින් ප්‍රකාශ නිකුත් කර ජන­තා­වගේ ආග­මික සංහි­ඳි­යා­වට බාධා වන අයු­රින්  කට­යුතු කළැයි අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අත්අ­ඩං­ගු­වට ගත් රත්න­පුරේ විමල බුද්ධි නොහොත්  “විශ්ව බුද්ධ” නමැති චීව­ර­ධා­රියා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස ගංගො­ඩ­විල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් සුනිල් හෙට්ටි­ආ­රච්චි මහතා ඊයේ (21) නියෝග කළේය.

සිවිල් හා දේශ­පා­ලන සම්මුති පනත,  පරි­ග­ණක අප­රාධ පණතේ 06 වැනි වග­න්තිය සහ සහ  ලංකා දන්ඩ නීති සංග්‍ර­හයේ 290 වග­න්තිය යටතේ වර­දක් සිදු­කර ඇතැයි සඳ­හන් කර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශය මෙම සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ දී මෙම කරුණු ඉදි­රි­පත් විය. කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ  මෙම සැක­කාර චීව­ර­ධා­රියා සම්බ­න්ධ­යෙන් මෙවැ­නිම ආකා­රයේ නඩු­වක් විභාග වෙමින් පව­තින අව­ස්ථා­වක මොහු ඇප මත සිටි­මින් එවැ­නිම වැරදි දිගින් දිග­ටම සිදු­ක­ර­මින් සිටින බව  අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සැක­කරු සිදු­කර ඇති වැරැද්ද සම්බ­න්ධ­යෙන් කරුණු පහදා  දී ඔහුගේ නිවසේ  දී එනම් කල­හෙ­ඩි­හේන ප්‍රදේ­ශයේ  දී ඊයේ (21) පෙර­ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැක­කාර චීව­ර­ධා­රියා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් පැවැ­සීය. මෙම සැක­කරු ඇප මත සිටි­මින් නැව­තත්   නුගේ­ගොඩ ප්‍රදේ­ශයේ සිට යූ ටියුබ් නාලි­කා­වක් ඔස්සේ බුදු දහ­මට මෙන්ම භික්ෂූන් වහ­න්සේ­ලාට අප­හාස වන අයු­රින් මාධ්‍ය සාක­ච්ඡා­වක් පවත්වා ඇති බවත්,  ඒ සම්බ­න්ධ­යෙන් භික්ෂූන් වහ­න්සේ­ලා­ගෙන් මෙන්ම ගිහි ජන­තා­ව­ගෙන්ද විශාල පැමි­ණිලි ප්‍රමා­ණ­යක් ලැබීම හේතු­වෙන් මෙම විම­ර්ශ­නය ආරම්භ කළ බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය. බෞද්ධ භික්ෂු­වක්  වශ­යෙන් නිර්වා­ණය සාක්ෂාත් කර ගැනී­මට නම් කැප අකැප සියලු දේ අත්හදා බැලිය යුතු බවත් නොඑසේ නම් නිර්වා­ණය අව­බෝධ කර­ගත නොහැකි බවත්   යනු­වෙන් සඳ­හන් කර­මින් මෙම සැක­කාර චීව­ර­ධා­රියා බෞද්ධ ආගම හා දර්ශ­නය  විකෘති වන ආකා­රයේ ප්‍රකාශ මෙම මාධ්‍ය සාක­ච්ඡාවේ දී ප්‍රකාශ කර ඇතැ­යිද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය. සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා සඳ­හන් කර සිටියේ මෙම සැක­කරු සම්බ­න්ධ­යෙන් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පව­තින නඩුවේ දී ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝ­ග­යක් නිකුත් කර­මින් සඳ­හන් කර සිටියේ මෙම වරද සිවිල් හා දේශ­පා­ලන පන­තට නො වැටෙන බවත්,  ඒ හෙයින් මෙම නඩු­වට ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව  එම පනත අදාළ කර­ගෙන ඇති බවත්ය. එම සිද්ධි­යට අදා­ළව ලබන 24 වැනිදා කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වන ලෙසට තම සේවා දාය­ක­යාට නොතීසි නිකුත් ව ඇති බව ද  නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. එම නඩු­වට අදා­ළව තම සේවා දාය­කයා  ඇප මත සිටින බැවින් මෙම නඩු­ව­ටද ඇප ලබා­දෙන ලෙසට නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය. ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා   වැඩි­දුර විම­ර්ශන පවත්වා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලෙසට අප­රාධ පරී­ක්ෂ­ණ­යට දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කර­මින් ලබන 26 වැනිදා  තෙක් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේය.

එම සිදු­වී­මත් සමඟ රත්න­පුර විමල බුද්ධි හිමි හෙවත් සැක­කරු ශිෂ්‍ය­භා­ව­යෙන් හා නිකා­යෙන් නෙර­පී­මට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැ­ම්බර් මස 15 වැනිදා ඒක­ම­ති­කව තීර­ණය කර තිබුණි. ඒ ඔහු පැවිදි කරවූ උරු­වල විනීත හිමි­යන් සිදු­කළ ඉල්ලී­මක්ද සැල­කි­ල්ලට ගනි­මිනි. ඒ අනුව,  අග්ග­මහා පණ්ඩි­තය මකු­ලෑවේ විමල රාමාඤ්ඤ මහා නිකායේ මහ­නා­යක  මහ­නා­හි­මි­යන් ඒ බව බෞද්ධ කට­යුතු පිළි­බඳ කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට ලිඛි­තව දැනුම් දී තිබේ.

 
 
 
 


Top Stories
wedivistara

ප්‍රදේශ රැසක කොල්ලකෑම් කළ ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

wedivistara

දේවගැති ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රගති වාර්තාවක් ඉල්ලයි

wedivistara

පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

wedivistara

විජයදාසට, කීර්තිට හා ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

wedivistara

අවුරුදු 76 ක දේශපාලන ඉතිහාසය තුළ මෙරට පැවැත්වෙන සුවිශේෂීම මැතිවරණය මෙවර පැවැත්වෙනවා - වසන්ත සමරසිංහ

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


NEWS ALERT