Local

තායිලන්ත බෞද්ධ කණ්ඩායමේ මූල්‍ය පරිත්‍යාගය ‘කඳුළක් පිස දමමු’ ව්‍යාපෘතියට යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස්

Saturday, 02 March 2024 - 7:45 am

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

එම පරිත්‍යාගය මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දෙනු ලැබීය.

මෙම කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සද්කාර්යයන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ තෙවන අවස්ථාව මෙය වන අතර 2010 සහ 2011 වසරවලදී කොළඹ ගංගාරාම විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක මුදලින් රට පුරා බෞද්ධ විහාරස්ථාන 1,800ක සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට කටයුතු කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT